විශ්වවිද්‍යාල සඳහා සිසුන් ඇතුළත් කර ගැනීමේ ක්‍රියාවලිය වෙනදා මෙන් මෙවරද Online ක්‍රමවේදය ඔස්සේ සිදු කිරීමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කටයුතු කර ඇත. ඒ අනුව සියලුම සිසුන් 2021 ජුනි මස 11 වැනිදා ට පෙර Online ක්‍රමවේදය ඔස්සේ අයැදුම් කළ යුතුය.
මේ සඳහා පහසුකම් සැපයීමට වෙන දා මෙන් මෙවරද අප නැණසල ආයතනය කටයුතු කරනු ලබයි. නමුත් පවතින කෝවිඩි වසංගත තත්වයේ උච්චතම අවස්ථාවක සිටින අප ආරක්ෂිතව හා වඩාත් බුද්ධිමත් ව කටයුතු කළ යුතු කාල වකවානුවකි. ඔබ සියලු දෙනා වෙන දා මෙන් අප ආයතනයට පැමිණිය හොත් නව නැණසල කෝවිඩ් පොකුරක් උවද නිර්මාණය වීමට ඉඩ ඇත. එබැවින් නිවසේ සිට ඔබගේ අයදුම්පත වඩාත් ආරක්ෂිතව යොමු කිරීම සඳහා පහසුකම් සළසා ඇත.