නැණසල තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානය ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයේ (ICTA) නියාමනය යටතේ ක්‍රියාත්මක වන සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ තොරතුරු හා සේවා සපයන මධ්‍යස්ථානයක් බව ඔබ මේ වන විටත් දන්නා කරුණකි.
විශ්වවිද්‍යාල වලට ඇතුළත් වන විද්‍යාර්ථයින් විවිධ පරිගණක පාඨමාලාවන් හදාරා ඇති මුත් තොරතුරු තාක්ෂණ දැනුම අවම මට්ටමක පවතින බව සමීක්ෂණ වලින් හෙලිවී ඇත. සැබැවින් ම ඔබ ද මේ වන විටත් අ.පො.ස. (උ.පෙළ) විභාගයෙන් පසුව පරිගණක පාඨමාලාවක් හදාරා තිබෙනවා විය හැක. නමුත් ඔබට පරිගණකයක් භාවිතා කර ඔබගේ අධ්‍යයන කටයුතු වලට අදාළ කාර්යයන් කර ගත හැකි ද?…..
පසුගිය කෝවිඩි තත්වයත් සමඟ මෙන්ම තාක්ෂණයේ දියුණුවත් සමඟ වර්තමානය වන විට සෑම වෘත්තීය විෂය ක්ෂේත්‍රයක් ම තොරතුරු තාක්ෂණය මත පදනම් ව ඇත්තා සේම අධ්‍යාපනය ද තොරතුරු තාක්ෂණය මත පදනම් ව ගොඩනැගී ඇති බව ඔබට අමුතුවෙන් පැහැදිලි කළ යුතු නොවේ. ඒ අනුව ඔබ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයෙන් සවිබල ගැන්වූ පුරවැසියකු බවට පත්වීම අනිවාර්ය සාධකයක් බවට පත්ව ඇත. නැතහොත් තාක්ෂණය හමුවේ ඔබ හුදකලා වනු ඇත. ඔබට තවකෙකුගේ පිහිට පැතීමට සිදු වනු ඇත.
ඒ අනුව ඊට පිළියමක් වශයෙන් අප විසින් හඳුන්වා දෙන IBEF පාඨමාලාව විශ්වවිද්‍යාල ප්‍රවේශය අපේක්ෂාවෙන් පසු වන ඔබ සදහා ම සැකසුණ පරිගණක පාඨමාලාවකි. මෙම පාඨමාලාව විශ්වවිද්‍යාල ශිෂ්‍යයකු වශයෙන් ඔබ දැනගත යුතුම තොරතුරු තාක්ෂණ හා පරිගණක දැනුම අන්තර්ගතයන් එක් කොට සැකසුණු විෂය කොටස් ගණනාවකින් යුක්ත වේ.